Last Update  :  2026-04-09 15:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය දිනති
නවසීලන්ත ‘ඒ“ පිලේ ශ්‍රී ලංකා සංචාරය

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය දිනති

editorial - 2026 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත ‘ඒ’ පන්දු යවන්නන්ට අන්ද මන්ද වෙන්න පහර දුන් ලසිත් කෘස්පුල්ලේ (103), සහන් ආරච්චිගේ (74) සහ සොනාල් දිනූෂ (93), තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. 

සූරියවැව ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති නිල නොවන එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ, නියමිත ඕවර 50 දී ලකුණු 368 ක් ලබාගත්හ. නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ඕවර 28 කදී ලකුණු 158 කට සීමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 44 ක ජයක් ලබාගත්හ. පසුගිය 5 වැනිදා ගාල්ලේදී පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 140 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක තරගාවලි ජයක් ලබාගත්තේය. 

පන්දු 76 කින් ලකුණු 103 ක් ලබාගත් ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ, හතරේ පහර 13 ක් සහ හයේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කරමින් තරගයේ තාලය තීරණය කළේය. කෲස්පුල්ලේ දැවී යාමෙන් පසුව එක්වූ නායක සහන් ආරච්චිගේ (74) සහ සොනාල් දිනූෂ (93) ලකුණු 350 සීමාවෙන් ඔබ්බට කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

නවසීලන්ත ‘ඒ’ පිලත් ඉලක්කය කරා යාමේ ප්‍රබල උත්සාහයක නිරත වෙමින් ඩිල්ෂාන් මධුශංක ප්‍රමුඛ වේග පන්දු යවන්නන් තිදෙනාගේ ඕවර 11 කින් ලකුණු 78 ක් උදුරාගත්තේය. එහෙත් දඟ පන්දු යවන්නන් පන්දුව අතට ගැනීමත් සමගින් තත්ත්වය වෙනස් විය. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 9 ට 368 යි
(කමිල් මිෂාර 19, ලසිත් කෲස්පුල්ලේ 103, නුවනිඳු ප්‍රනාන්දු 20, සහන් ආරච්චිගේ 74, සොනාල් දිනූෂ 93, මිලාන් රත්නායක 15, වනුජ සහන් 14, ප්‍රමෝද් මධුෂාන් නොදැවී 12, ටිම් ප්‍රින්ගල් 58/3, ආදිත්‍ය අශෝක් 60/2)

නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම - ඕවර 28 කදී කඩුලු 3 ට 158 යි
(ටිම් රොබින්සන් 27, ඩේල් පිලිප්ස් 34, කර්ටිස් හීපි නොදැවී 53, මැතිව් බොයිල් 17, මොහොමඩ් අබ්බාස් නොදැවී 11)


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.